පැය 40ක් කාර්යාලයේ ගතකරන්න -ප්‍රතික්ෂේප කරන අය "ටෙස්ලාවෙන් ඉවත් වෙන්න -එලොන් මස්ක් කියයි

පැය 40ක් කාර්යාලයේ ගතකරන්න -ප්‍රතික්ෂේප කරන අය "ටෙස්ලාවෙන් ඉවත් වෙන්න -එලොන් මස්ක් කියයි
කොරෝනා වසංගතය තවමත් අවසන් වී නැතත් ලෝකයේ විවිද රටවල් ආසාදන තත්ත්වයන් යම්තාක් දුරට පාලනය වූ පසුව සිය කාර්යාල පෙර පරිදි ආරම්භකරමින් සාමාන්‍ය ආකාරයෙන් රාජකාරි කටයුතු සඳහා විවෘත විය.
 
ඇපල් සහ ගූගල් වැනි ලොව විශාල සමාගම්වල පවා දෛනිකව රාජකාරියට පැමිණෙන පිරිස් සීමා කිරීමක් සිදුකර තිබෙන වකවානුවක ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් විසින්  ඔහු පවත්වාගෙන යනු ලබන ලොව ප්‍රකට රොකට් සමාගම වන SpaceX හි සහ ඔහු විසින් මෙහෙයවන විදුලි මෝටර් රථ නිෂ්පාදකයා වන Tesla හි තම සේවකයන්ට ඊමේල් පණිවුඩයක් යවා ඇති අතර ඔවුන් වහාම නැවත සේවයට වාර්තා කරන ලෙස දැණුම්දීමක් සිදුකර තිබේ.
 

එමෙන්ම සේවකයින්ට ඊමේල් පණිවිඩය හරහා මක්ස් දැනුම්දී ඇත්තේ “සතියකට අවම වශයෙන් පැය 40ක් කාර්යාලයේ ගත කළ යුතු” බවයි. එසේ නොකළ අය සේවයෙන් පහ කරන බව ද  ඔහුගේ පණිවිඩය උපුටා දක්වමින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

"ඔබ වැඩි වැඩියෙන් පරිණත වන තරමට, ඔබේ පැමිණීම වඩාත් දෘශ්යමාන විය යුතුය, ඒකයි මම කම්හලේ වැඩි කාලයක් ගත කළේ - එවිට මා ඔවුන් සමඟ වැඩ කරන බව එහි සිටින අයට දැකගත හැකියි. මම එය නොකළේ නම්, SpaceX බොහෝ කලකට පෙර බංකොලොත් වීමට ඉඩ තිබුණා " යැයි මස්ක් ප්‍රකාශ කර ඇත. 

"දුරස්ථ වැඩ කිරීමට කැමති ඕනෑම අයෙක්" සතියකට අවම වශයෙන් පැය 40ක් කාර්යාලයේ සිටිය යුතු බවත් එය ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙක් "ටෙස්ලාවෙන් ඉවත් විය යුතු බවත් මස්ක් දැනුම්දී ඇත.