එමෙන්ම සේවකයින්ට ඊමේල් පණිවිඩය හරහා මක්ස් දැනුම්දී ඇත්තේ “සතියකට අවම වශයෙන් පැය 40ක් කාර්යාලයේ ගත කළ යුතු” බවයි. එසේ නොකළ අය සේවයෙන් පහ කරන බව ද ඔහුගේ පණිවිඩය උපුටා දක්වමින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
"ඔබ වැඩි වැඩියෙන් පරිණත වන තරමට, ඔබේ පැමිණීම වඩාත් දෘශ්යමාන විය යුතුය, ඒකයි මම කම්හලේ වැඩි කාලයක් ගත කළේ - එවිට මා ඔවුන් සමඟ වැඩ කරන බව එහි සිටින අයට දැකගත හැකියි. මම එය නොකළේ නම්, SpaceX බොහෝ කලකට පෙර බංකොලොත් වීමට ඉඩ තිබුණා " යැයි මස්ක් ප්‍රකාශ කර ඇත.
"දුරස්ථ වැඩ කිරීමට කැමති ඕනෑම අයෙක්" සතියකට අවම වශයෙන් පැය 40ක් කාර්යාලයේ සිටිය යුතු බවත් එය ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙක් "ටෙස්ලාවෙන් ඉවත් විය යුතු බවත් මස්ක් දැනුම්දී ඇත.
