අමෙරිකාවට ඇතුලුවීමේදී කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය නෑ

අමෙරිකාවට ඇතුලුවීමේදී කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය නෑ
විදෙස් රටවල සිට සිය රටට ඇතුල් වීමට පෙර සිදුකරන කොරෝනා පරීක්ෂණ හෙට සිට අවශ්‍ය නොවන බව අමෙරිකාව පවසනවා. කොරෝනා වෛරසයට එරෙහි සටනේ දී අමෙරිකාව ලබා ඇති විශාල ප්‍රගතිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ. 
 

එරට රෝග පාලන මධ්‍යස්ථානය සදහන් කර ඇත්තේ දින 90 ක කාලයකින් පසු මෙය නැවත ඇගයීමකට ලක් කරන බවයි. 

එහිදී අමෙරිකාවට පැමිණෙන විදේශිකයින්ට කොවිඩ් පරීක්ෂණය අවශ්‍ය නම් එය යළි ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පසුබට නොවන බවද විදෙස් මාධ්‍ය වල වැඩිදුරටත් සදහන්.