ගුවන්තොටුපලකට මිසයිල ප්‍රහාරයක්

ගුවන්තොටුපලකට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සිරියාවේ ඩමැස්කස් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට දැඩි හානි සිදුවිය.

ප්‍රහාරයෙන් ගුවන් පථ විනාශ වී ඇති බවත් , ගුවන්තොටුපොළ කටයුතු අකර්මණ්‍ය වී ඇති බවත් සිරියානු ප්‍රවාහන අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ප්‍රහාරය එල්ල වූයේ ගෝලාන් කඳුකරයේ රැඳී සිටින ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් බව සිරියානු හමුදාව පවසා තිබේ.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිරියානු වේලාවෙන් අලුයම 4.20 ට පමණ බවට වාර්තා වී ඇත.