කාර්මික දෝෂයක් නිසා ගුවන්තොටුපළක් තුළ මගී ගමන්මලු සිරවෙයි

කාර්මික දෝෂයක් නිසා ගුවන්තොටුපළක් තුළ මගී ගමන්මලු සිරවෙයි

කාර්මික දෝෂයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක මගී ගමන්මලු දහස් ගණනක් සිරවී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පැය දෙකකට අධික කාලයක් ගමන්මලු සිරවී තිබීම නිසා ඇතැම් මගීන් සිය ගමන් මලු ගුවන්තොටුපළේ අතහැර දමා ගුවන් ගමන් සඳහා එක්වී තිබුණි.

මෙසේ අතහැර ගිය ගමන්මලු නැවත මගීන් වෙත යොමුකිරීමට හීත්‍රෝ බලධාරීන් උත්සාහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ නමුත් අදාළ දෝෂය නිවැරැදි කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන් සමත් වී ඇත.