චීනයේ යළිත් වරක් කොරෝනා උඩු දුවයි

චීනයේ යළිත් වරක් කොරෝනා උඩු දුවයි

චීනයේ අගනුවර වන බීජිං නුවර කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව, එරට සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය කාල වකවානුවට සාපේක්ෂව වර්තමානය වනවිට කොවිඩ් ආසාදිතයින් හමුවීම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් චීනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ එම නිවේදනයේ සඳහන්.

එරට සෞඛ්‍ය අංශ මිලියන 22ක ජනතාවක් සඳහා කොවිඩ් පරීක්ෂණ පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම, රට තුළ ප්‍රදේශ රැසකට දැඩි සීමා පනවා ඇති බවයි, වාර්තා වන්නේ. නිරන්තරයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන ලෙස එරට බලධාරින් සිය ජනතාවගෙන් ඉල්ලා තිබේ.