ආර්ථික අර්බුදය හමුවේ ලිබියානු වැසියන් පාර්ලිමේන්තුවට ගිනි තියයි

ආර්ථික අර්බුදය හමුවේ ලිබියානු වැසියන් පාර්ලිමේන්තුවට ගිනි තියයි

ලිබියාවේ ටොබ්රුක් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු කලහකාරී විරෝධතාකරුවෝ, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිනි තබා තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන්ටද පහර දෙමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ටයර් පිළිස්සූ බව ද ලිබියානු මාධ්‍ය සඳහන් කළේය.

බවට පත්ව තිබෙන අතර අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව දිනෙන් දින ඉහළ යාම නිසා දිගින් දිගටම ඊට විරෝධය දක්වා ජනතාව විරෝධතාවයන් ප්‍රකාශ කළේය.

ලිබියාවේ පවතින්නේ අන්තර්වාර රජයක් වන අතර එම රජයට නායකත්වය දෙන්නේ අබ්දෙල් හමීද් ඩලීබා ය. කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා දේශපාලනික අර්බුදය විසඳන බවට අබ්දෙල් හමීද් ඩලීබා පොරොන්දු වී ඇති නමුත් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය දිනෙන් දින කල් යයි.

මෙය ජනතා විරෝධයට හේතුවක් වී ඇති අතර ලිබියාවේ ට්‍රිපොලි අගනුවර සහ සෙසු ප්‍රධාන නගර රැසකම ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. ටොබ්රුක් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එහි කොටසක් ගිනි තබා විනාශ කළේ එම විරෝධතාවලට එක්වන ලිබියානු වැසියන්ය.