යුරෝපා මහද්වීපය දැඩි නියඟයෙන් පීඩා විදියි

යුරෝපා මහද්වීපය දැඩි නියඟයෙන් පීඩා විදියි
යුරෝපා මහද්වීපයේ රටවලින් තුනෙන් දෙකක් දරුණු නියඟයකට මුහුණ  දෙමින් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

කාලගුණ විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශකර ඇත්තේ මෙවැනි තත්වයක් නිර්මාණය වී ඇත්තේ වසර 500 කට පමණ පසුව බවත් දැඩි නියඟය නිසා යුරෝපා මහද්වීපයෙන් 47% ක පස වියළී ගොස් තිබෙන බවයි. එමෙන්ම තවත් 17% ක ප්‍රමාණයක පස වගා කටයුතු සඳහා යෝග්‍ය නොවන තත්වයකට පත් වෙමින් තිබෙන අතර ගෝලීය නියඟ නිරීක්‍ෂණාගාරයේ විද්‍යාඥයන් සිදුකල පර්යේෂණයකින් මේ බව තහවුරු කොට තිබේ.

වියළි කාලගුණික තත්තයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වැව් ගිනි පැතිරීමේ අවදානම ඉහල ගොස් තිබෙන අතර ඇතැම් රටවල හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් ජන ජීවිතයටද තර්ජන එල්ලවී තිබේ.

ඉකුත් වසර 5 හා සසඳන විට බඩඉරිගු නිෂ්පාදනය 16% කින් ද, සෝයා බෝංචි නිෂ්පාදනය 15% කින් ද, සූර්යකාන්ත මල් නිෂ්පාදනය  12% කින් ද අඩු වී තිබෙනවා.