තෙල් පිරිපහදු කම්හල් සේවකයින් වර්ජනයේ

තෙල් පිරිපහදු කම්හල් සේවකයින් වර්ජනයේ
සියයට 10ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලමින්  ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල්වල සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භකර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
තෙල් පිරිපහදු කම්හල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රංශයේ ඉන්ධන හිඟයක් හටගෙන තිබෙන බවත් මේ වන විට ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් 07න් 06ක් වසාදමා ඇති බවත් විදෙස් පුවත් සේවා සඳහන් කලේය.
 
මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවත් සඳහන්.
 

තෙල් සමාගම් සහ වෘත්තිය සමිති අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි නම් ඊට රජය මැදිහත්වී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රංශ අග්‍රාමාත්‍ය එලිසෙබෙත් බෝර්න් ප්‍රකාශ කර ඇත.