“ජුලියා” මධ්‍යම අමෙරිකාව නොසන්සුම් කරයි

“ජුලියා” මධ්‍යම අමෙරිකාව නොසන්සුම් කරයි

මධ්‍යම අමෙරිකානු කලාපයට බලපා ඇති “ජුලියා” සුළි කුණාටු‍ව හේතුවෙන්, මේ වන විට 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

කුණාටුවේ බලපෑම නිසා එම කලාපයට අයත් බොහෝ රටවලට හදිසි ගංවතුර තත්වයක් මෙන්ම, නාය යෑම් ද ඇති විය හැකි බවටයි, බලධාරීන් අනතුරු අඟවන්නේ.  “ජූලියා” සුළි කුණාටුවේ බලපෑම නිසා මධ්‍යම අමෙරිකානු කලාපයට අයත් “ග්වාතමාලාව” සහ “එල්-සැල්වදෝරය” යන රටවලට මේ වන විටත් අධික වර්ෂාපතනයක් වාර්තා වනවා.  

සුළි කුණාටුව ඊයේ “ග්වාතමාලාව” හරහා හමා යන විට, එහි වේගය පැයට කිලෝමීටර 60 ක් ලෙස සටහන් වූ බව, කාලගුණ විද්‍යා ‍අංශ පවසනවා. “ජූලියා” සුළි කුණාටුව “ග්වාතමාලාවට” ඇතුළු වීමත් සමග එහි හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එරට ආපදාවට ලක් වූ ජනතාව සඳහා අඛණ්ඩව සහන මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. සුළි කුණාටුවේ බලපෑමට ලක්ව ඇති මධ්‍යම අමෙරිකානු කලාපයේ සෙසු රටවලද ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.