හයිටි රජය මානව ඛේදවාචකයක් අභියස

හයිටි රජය මානව ඛේදවාචකයක් අභියස

හයිටි රජය මානව ඛේදවාචකයක් අභියස සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එරට බහුතරයක් මේ වන විට සාගත තත්වයකින් පෙළෙන බවයි, සහණ සේවකයන් ප්‍රකාශ කරන්නේ. හයිටි රාජ්‍යයේ මේ වන විට දරුණු ගැටුම්කාරී තත්වයක් ද ඇති වී තිබෙනවා. ඒ, එරට පාලන බලය සඳහා මැර කණ්ඩායම් අතර අරගල ඇතිවීම නිසයි. රටේ පවතින්නේ ඉතා බරපතල දේශපාලන අස්ථාවරභාවයක්. මේ නිසා අර්ථිකය ද දරුණු අන්දමින් පිරිහී තිබෙනවා.

ගෝලීය ආර්ථික ගැටලු නිසා මේ තත්වය තවත් උග්‍ර වෙමින් පවතිනවා. සහන සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. එසේ නොවන්නේ නම්, ඉතා බරපතල මානව ඛේදවාචකයක් නුදුරු අනාගතයේම සිදුවිය හැකි බවට, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.