අධික වර්ෂාව හමුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක ජනතාව අර්බුදයක

අධික වර්ෂාව හමුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක ජනතාව අර්බුදයක

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක දහස් ගණන් ජනතාවට සිය නිවෙස්වලින් ඉවත් වන්නැයි, දැනුම් දී තිබේ.

ඒ, දින දෙකක සිට ඇඳහැලෙන අධික වැසි සමග හටගත් ජලගැලීම් තත්ත්වය උග්‍ර වීම හේතුවෙනි.

විදෙස් වාර්තා පැවසුවේ, වික්ටෝරියා දකුණු නිව්සවුත් වේල්ස් සහ ටස්මේනියා යන ප්‍රාන්තවලට දැඩි වර්ෂාවක් පතිත වී ඇති බවය.

නිවෙස්වල සිටින සිය සුරතල් සතුන් සමග ජල ගැලීම් මධ්‍යයේ ගමන් කරන ආකාරය දැක්වෙන දර්ශන ද, සමාජ මාධ්‍යයට එක් කර තිබේ.

ඇතැම් පුද්ගලයින් බෝට්ටු උපයෝගී කරගනිමින් ද, සිය නිවෙස්වලින් ඉවත් වෙමින් ඇතැයි, එම වාර්තා පෙන්වා දෙයි.

දැඩි වර්ෂාව හමුවේ, ගංගා ජල මට්ටම් ගංවතුර මට්ටමට ළඟා වී ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ.