ෆිෆා ලෝක පාපන්දු ශූරතාවලිය ඇරඹෙයි

ෆිෆා ලෝක පාපන්දු ශූරතාවලිය ඇරඹෙයි

ලෝක පාපන්දු ශූරතාවලිය ඊයේ (20) දින කටාරයේදී ආරම්භ කරන ලදි.

 සිව් වසරකට වරක් එළැඹෙන ලොව වැඩිම ප්‍රේක්ෂක අවධානය යොමුවන ක්‍රීඩා ඉසව්ව වන්නේ පාපන්දු ක්‍රීඩාව වන අතර, පළමු තරඟය ලෙස සත්කාරක රට වන කටාරය සහ ඉක්වදෝරය ආරම්භක අවස්ථාව අතර පැවැති තරඟයෙන ඉක්වදෝරය 2-0 ලෙස ජයගන්නා ලදි.

මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානයක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව මෙය වන අතර, එය ක්‍රීඩංගන 08ක තරඟ පැවැත්වීමට නියමිතය.

සංක්‍රමණික සේවකයින් විශාල ප්‍රමාණයක් ක්‍රිඩාංගන වැඩබිම් වලදී මරණයට පත්විම සම්බන්ධයෙන් ලෝකයේ කතාබහක් ඇති වීම මෙහි විශේෂත්වයකි. එහිදි ශ්‍රී ලාකික ශ්‍රමිකයින් පන්සියයකට වැඩි පිරිසක් අනතුරු වලින් මිය ගොස් ඇති බව විවිධ වාර්තා පෙන්වා දෙයි.