ලොව විශාලතම iPhone කර්මාන්ත ශාලාවේ සේවකයින් සමාගමට එරෙහි සටනේ

ලොව විශාලතම iPhone කර්මාන්ත ශාලාවේ සේවකයින් සමාගමට එරෙහි සටනේ
චීනයේ ෂෙන්ෂු (Zhengzhou)  නගරයේ පිහිටා ඇති ලොව විශාලතම iPhone කර්මාන්ත ශාලාවේ සේවකයින් සිය කර්මාන්තශාලාවට එරෙහිව විරෝධතාවයක් ආරම්භකර තිබේ.
 

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම විරෝධතාවය දැඩි උණුසුම්කාරී තත්ත්වයකක් ගෙන තිබෙන අතර මේවනවිට සමාජ ජාලවල පැතිර පවතින දර්ශනවල කම්කරුවන් සිය ගණනක් පෙළපාළිවල යන අයුරුත් ඇතැමුන් කැරලි මර්දන පොලිස් නිලධාරීන් සහ hazmat  ඇඳුම් ඇඳගත් පිරිස් සමග මුහුණට මුහුණ ගැටෙන ආකාරයක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම, ඉකුත් මාසයේ ඉහළ ගිය කොවිඩ්-19 රෝගීන් හමුවේ කර්මාන්ත ශාලාව අගුළු දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඇතැම් සේවකයින් ඉවත්ව යන ආකාරයට බලධාරීන් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

දර්ශන කිහිපයක ම කම්කරුවන් තමන්ට ලබා දෙන ආහාර ගැන පැමිණිලි කරන අතර පොරොන්දු වූ පරිදි ප්‍රසාද දීමනා නොලැබුණු බවට ද චෝදනා කර ඇත.