ඉතාලියේ නායයෑමකින් පුද්ගලයින් රැසක් මරුට

ඉතාලියේ නායයෑමකින් පුද්ගලයින් රැසක් මරුට

ඉතාලියේ නේප්ල්ස් නගරයට ආසන්න කලාපයක සිදුවූ නායයාමකින් පුද්ගලයින් රැසක් මියගොස් තිබෙන අතර විදෙස් පුවත් සේවා වාර්තා කරන ආකාරයට ඉතාලියේ ඉස්කියා දූපතට බලපෑ ප්‍රබල නායයාමකින් පුද්ගලයින් රැසක් අතුරුදන්ව තිබෙන බවයි සඳහන් වෙන්නේ.

කෙසේනමුත් සිදුවූ මරණ ගණන මෙතෙක් තහවුරු කර නොමැති අතර ස්වභාවික විපතින් මියගිය පිරිසකගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබුනද අතුරුදහන්ව ඇති බොහෝ දෙනෙකුගේ සිරුරු තවමත් හමුවී නොමැති බවත් සඳහන්.

අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාම හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර මෝටර් රථ රැසක්ද විනාශ වී ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් කලාපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් නිවාස රැසක විදුලිය බිඳවැටී ඇති අතර සෙවීමේ මෙහෙයුම්වලටත් බාධා එල්ලවී තිබුණි.

අතුරුදහන්වූ පිරිස් සෙවීම සඳහා මෙහෙයුම් දියත්කර තිබෙන අතර නිශ්චිතව මියගිය ප්‍රමාණය තවමත් තහවුරු කිරීමට අපොහොසත් බවයි විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙන්නේ.