මදුරෙයි බලා ගිය ගුවන් යානයක් ආපසු හරවයි!

මදුරෙයි බලා ගිය ගුවන් යානයක් ආපසු හරවයි!
කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා ඊයේ  (28)  පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් ගත වී විනාඩි 05 ක කාලයකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා විසින් තහවුරු කර තිබේ.
 
මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් - 321 නියෝ වර්ගයේ ගුවන් යානයක් වන අතර මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 41 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කර තිබේ .
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 139 දරණ මෙම ගුවන් යානය  අද පස්වරු 01.40 ට ඉන්දියාවේ මදුරෙයි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිතව තිබුණි .
 
එහෙත් මෙම ගුවන් යානය පස්වරු 02.02 ට කටුනායක ගුවන් තොටුපළෙන් මදුරෙයි බලා පිටත් වූ අතර , එම ගුවන් යානය විනාඩි 05 ක ගුවන් ගත වීමකින් පසුව යළිත් පස්වරු 02.07 කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ .
 
මෙසේ ගුවන් යානය ආපසු පැමිණීමට හේතුව ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම බව ප්‍රකාශ කරන ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා , මේ වනවිට ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය ගුවන් යානය තුළ රදවා ගෙනම , ගුවන් යානයේ අලුත්වැඩියා කටයුතු කරන බව ද පැවසීය .
 
මෙම ගුවන් යානය යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත ගුවන් ගන්නා නිශ්චිත වේලාවක් ගුවන් තොටුපළ විසින් ප්‍රකාශයට පත් කර නොමැත .