ලෝක පාපන්දු ශුරතාවය ආජන්ටිනාවට

ලෝක පාපන්දු ශුරතාවය ආජන්ටිනාවට

ආජන්ටිනාව වසර 36 කට පසු පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම සමත් විය. ආජන්ටිනා නායක ලියොනල් මෙසී මෙවර කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර, එය ඔහුගේ අවසාන ලෝක තරඟය ද වෙයි.

කටාර් හි ලුසයිල් ක්‍රීඩාංගණයේ පැවති අවසන්  මහා තරගයේ දී පැනල්ටි පහර 4-2 කින් ප්‍රංශය පරදවා ජයග්‍රහණය ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය.

තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා - එන්සෝ ෆර්නැන්ඩස් ( ආර්ජන්ටිනාව)

තරගාවලියේ හොඳම ගෝල් රකින්නා - එමිලියානෝ මාටිනස් ( ආර්ජන්ටිනාව)

 තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ( ගෝල්ඩන් බූට් සම්මානය) ගෝල 8 යි -  කිලියන් එම්බාපේ ( ප්‍රංශය)

තරගාවලියේ හොඳම ක්‍රීඩකයා (ගෝල්ඩන් බෝල් සම්මානය)  - ලියොනල් මෙසී ( ආර්ජන්ටිනාව)