19%කින් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය හෙද සේවා වර්ජනයක

19%කින් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය හෙද සේවා වර්ජනයක
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දැවැන්තම හෙද සේවා වර්ජනය පසුගිය 15 වෙනි දින වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් ආරම්භ විය.
 
බ්‍රිතාන්‍යයේ රාජකීය හෙද විද්‍යාලයේ නිලධාරීන් 19%කින් වැටුප් ඉහළ දමන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදු කළ අතර  ඊට බලධරීන්ගෙන් සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙලෙස වර්ජනයකට අවතීරණය වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
 
කෙසේ වෙතත් එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එලෙස වැටුප් ඉහළ දැමීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවයි.
 
වේල්සය, උතුරු අයර්ලන්තය සහ එංගලන්තයේ හෙද නිලධාරීන් අඛණ්ඩව පැය 12ක සේවා වර්ජනයක් දියත්කල අතරදෙසැම්බර් 20 වැනිදා ද තවත් පැය 12ක වැඩ වර්ජනයක් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
නමුත් වැඩ වර්ජනය සිදුවන අවස්ථාවේදී අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම නියමිත පරිදි සිදුවන බවද හෙද නිලධාරී සංගමය ප්‍රකාශ කර තිබේ.