ඉන්දියානු ගුවන්තොටුපළවල හදිසි කොරෝනා පරීක්ෂණ අරඹයි

ඉන්දියානු ගුවන්තොටුපළවල හදිසි කොරෝනා පරීක්ෂණ අරඹයි
ඉන්දියාවේ පැතිර යන නව කොරෝනා උප ප්‍රභේදයක් අවදානම හේතුවෙන් ගුවන් තොටුපලවල දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට යොමු කිරිමට එරට රජය විසින් තීරණය කර තිබේ.
 
ඒ අනුව ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවෙන් සියයට දෙකක අහඹු පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බවට  ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
චීනයෙන් මේ දිනවල ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බී එෆ්. සෙවන් නැමති ඔමික්‍රොන් උප ප්‍රභේදය වැළඳුණු දෙදෙනෙකු ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් ද වාර්තා වී තිබුණි.
 

ශීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය විය හැකි මෙම ප්‍රභේදය ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඇමරිකාව, සහ බ්‍රිතාන්‍යයෙන් ද මීට පෙර වාර්තා වී තිබූ බව  ඉන්දිය මාධ්‍ය වාර්තා  වැඩිදුරටත් උපුටා දක්වයි.