ඔමික්‍රෝන් යලිත් උඩු දුවයි -චීන වැසියන් නගර අතහැර යයි

ඔමික්‍රෝන් යලිත් උඩු දුවයි -චීන වැසියන් නගර අතහැර යයි
චීනය පුරා ව්‍යාප්ත වෙමින් ඇති ඔමික්‍රොන් අනු ප්‍රභේදය හේතුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර මේ හේතුවෙන් ඇතැම් නගර වැසියන්  ප්‍රධාන නරග අතහැර යන තත්ත්වයන් නිර්මාණය වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
අදවනවිට චීනයේ ප්‍රධාන නගරවල රෝහල් ආසාදිතයින්ගෙන් පිරී ගොස් තිබෙන අතර මෘත ශරීරාගාර සහ ආදාහනාගාර ද මළ සිරුරුවලින් පිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වාදෙයි.
 
චීනය තුළ මෙවර ව්‍යාප්තවෙමින් ඇති කොරෝනා රැල්ලේ වින්දිතයින් බවට එරට වැඩිහිටි ජනතාව පත්වීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකි අතර රෝහල්ගත වන වැඩිහිටියන් බොහෝ දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනෙන බවත්, ඔවුන් ශ්වසන අපහසුතා හේතුවෙන් පීඩා විඳින බවත් සඳහන්. 
 
මේ හේතුවෙන් ප්‍රධාන නගර ආශ්‍රිතව ජීවත්වෙන  පුද්ගලයින් විසින් සිය වැඩිහිටි ප්‍රජාවගේ ආරක්ෂාව පිණිස ග්‍රාමීය නගර වලට රැගෙන යමින් තිබෙයි.
 

ඒ අනුව වැඩිහිටි ප්‍රජාව වැඩි වශයෙන් අතහැර යන නගර බීජිං හා ෂැංහයි වන බවයි වාර්තා වෙන්නේ.