අධික ශීතලෙන් ඇමරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුට

අධික ශීතලෙන් ඇමරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුට

අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස් ඇති අතර කැනඩාවේ මෙරිටි නගරයේ අයිස් සහිත මාර්ගයකට බස් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙන බවත් සඳහන්.

අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වය නිව්යොර්ක් ප්‍රාන්තයට වැඩි වශයෙන් බලපා තිබෙන අතර මෑත කාලීනව උතුරු අමෙරිකානු රටවලට බලපෑ දරුණුතම ආපදා තත්ත්වයක් ලෙසද හඳුන්වයි.