2023 ලෝක මාධ්‍ය නිදහසේ ත්‍යාගය සිරගත ඉරාන මාධ්‍යවේදිනියන් තිදෙනෙකුට හිමි වේ

2023 ලෝක මාධ්‍ය නිදහසේ ත්‍යාගය සිරගත ඉරාන මාධ්‍යවේදිනියන් තිදෙනෙකුට හිමි වේ

 මාධ්‍ය වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජූරි සභාවක නිර්දේශය අනුව ඉරාන ජනමාධ්‍යවේදිනියන් තිදෙනෙකුට 2023 UNESCO/Guillermo Cano ලෝක ජනමාධ්‍ය ත්‍යාගලාභින්  ලෙස නම් කරන ලදී. මෙම සම්මාන ප්‍රදානෝත්සවය මැයි 2 වන දින සන්ධ්‍යාවේ නිව් යෝර්ක් හි දී යුනෙස්කෝ හි පැවැත්විණි.

එම ජනමාධ්‍යවේදිනියන් තිදෙනා නම් නිලූෆා හමෙදි, එළහෙහ් මොහම්මදි සහ නාර්ගේස් මොහොම්දි ය.

ජනමාධ්‍යවේදිනී  නිලූෆා හමෙදි (Niloofar Hamedi) ප්‍රධාන පෙළේ ප්‍රතිසංස්කරණවාදී දිනපතා පුවත්පතක් වන Shargh සඳහා ලියයි. 2022 සැප්තැම්බර් 16 වන දින පොලිස් අත්අඩංගුවේ  දී මියගිය මාෂා අමිනීගේ මරණය පිළිබඳ පුවත ප්‍රථමයෙන්ම වාර්තා කළේ ඇයයි. ඇය 2022 සැප්තැම්බර් මාසයේ සිට ඉරානයේ එවින් බන්ධනාගාරයේ හුදකලා සිරකඳවුරේ රඳවා ඇත.

2022 සැප්තැම්බර් 16 වන දින, හමීදි ටෙහෙරානයේ කස්රා රෝහලට ඇතුල් වීමට ලැබුණි, එහිදී 22 හැවිරිදි මහ්සා අමිනී  හිජාබය අනිසි ලෙස පැළඳීම සම්බන්ධයෙන් සදාචාර පොලිසිය විසින් ඇයව රඳවා තබා ගෙන පහර දී රෝහලට ඇතුලත් කර තිබුණි.. එදින පසුව, සහ අමිනීගේ මරණය සිදු වූ අවස්ථාවේදී, හමේඩි, අමිනීගේ දෙමාපියන් රෝහලේ බදාගෙන අඬන ඡායාරූපයක් ට්වීට් කළේය. එම පින්තූරය හමීඩිගේ අමිනීගේ මරණය පිළිබඳ ප්‍රථම වාර්තාව බවට පත් විය. එය වයරසික් මෙන් ඉක්මනින් පැතිර ගිය අතර අවසානයේ රටපුරා ස්ත්‍රී විරෝධතා පැන නැගීමේ  නිමිත්ත බවට පත් විය.

විරෝධතාවයන්ට එක් වූ මාධ්‍යවේදීන් සහ සිසුන් ඉලක්ක කර ගත් අත්අඩංගුවට ගැනීම් රැල්ලකින් පසුව, ඇයගේ ප්‍රවෘත්ති ආවරණයේ ප්‍රතිඵලයක් ලෙස,  2022 සැප්තැම්බර් 21 දින හමේඩි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඇය විදේශීය ඒජන්තවරියක් ලෙස හංවඩු ගසා ඇති අතර එය දීර්ඝ සිර දඩුවමකට හේතු විය හැකිය.

ජනමාධ්‍යවේදිනී එළහෙහ් මොහම්මදි (Elaheh Mohammadi) අත් අඩංඟුවට ගැනුනේ ද අමීනිගේ මරණය අරභයා කරන ලද වාර්තා කිරීම් නිසාය. ඇය සමාජ ගැටළු සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආවරණය කරමින් ප්‍රතිසංස්කරණවාදී පුවත්පතක් වන Ham-Mihan සඳහා ලියයි. ඇය මාෂා අමිනීගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳව වාර්තා කර ඇති අතර, 2022 සැප්තැම්බර් මාසයේ සිට එවින් බන්ධනාගාරයේ ද රඳවා ඇත. ඇයගේ වැඩ කටයුතු හේතුවෙන් 2020 වසරේ වසරක කාලයක් වාර්තා කිරීම ද  ඇයට තහනම් කර තිබුණි.

ටෙහෙරානයේ  සදාචාරාත්මක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු දින තුනක් කෝමා තත්ත්වයෙන් පසු වී සැප්තැම්බර් 16 දින මිය ගිය 22 හැවිරිදි මාෂා අමිනීගේ අවමංගල්‍යය ඉරානයේ හැම්-මිහාන් පුවත්පත සඳහා ආවරණය කිරීමට ඇය  ගියේය. මොහම්මදි අවමංගල්‍ය උත්සවයේදී පොලිස් ප්‍රහාරය ගැන වාර්තා කර තිබුණි.

ඇය අධිකරණ බලධාරීන් විසින් කැඳවනු ලැබූ නමුත් ඊට පෙර 2022 සැප්තැම්බර් 29 වන දින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්න කිරීම සඳහා බුද්ධි අමාත්‍යාංශයේ කාර්යාලයට යමින් සිටියදී ය. ඇයටද විදේශීය ඒජන්තයකු ලෙස ජාතික ආරක්ෂාවට හානි කරන ලදැයි චෝදනා එල්ල වී තිබේ.

නාර්ගේස් මොහම්මදි (Narges Mohammadi) පුවත්පත් පරාසයක මාධ්‍යවේදිනියක ලෙස වසර ගණනාවක් සේවය කර ඇති අතර ටෙහෙරානය පදනම් කරගත් සිවිල් සමාජ සංවිධානයක් වන “මානව හිමිකම් කේන්ද්‍රයේ ආරක්ෂිකාවෝ”  (ඩීඑච්ආර්සී) නම් සංවිධානයේ හෙ කතුවරියක සහ උප අධ්‍යක්ෂකාවකි. ඇය දැනට වසර 16ක සිර දඬුවමක් විඳිමින් සිටින්නේ එවින් බන්ධනාගාරයේය. ඇය බන්ධනාගාරයේ සිට මුද්‍රිත මාධ්‍ය සදහා වාර්තා කිරීම දිගටම කරගෙන ගොස් ඇති අතර අනෙකුත් කාන්තා සිරකාරියන් සමඟ සම්මුඛ සාකච්ඡා ද කර ඇත. මෙම සම්මුඛ සාකච්ඡා ඇගේ “ධවල භීෂණය ”  පොතෙහි ඇතුළත් විය. 2022 දී, ඇය දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ (RSF) ධෛර්ය  සදහා වන ත්‍යාගය දිනා ගත්තාය.

වරින් වර ඇයට පණවන ලද දීර්ඝ සිර දඩුවම් විදීමෙන් පසු නිදහස්ව සිටි  ඇය 2021 නොවැම්බර් 16 දින,  රටපුරා පැවති විරෝධතා අතරතුර ඉරාන ආරක්ෂක හමුදා විසින් ඝාතනය කරන ලද ඊබ්‍රාහිම් කෙටාබ්දාර්ගේ අනුස්මරණයකට සහභාගී වෙමින් සිටියදී, මොහොමඩි ඇල්බෝර්ස් පළාතේ කරජ්හිදී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

ඉරාන රජය විවේචනය කිරීම හේතුවෙන් මොහොමඩි 1998 දී ප්‍රථම වරට අත්අඩංගුවට ගෙන වසරක් සිරගතව සිටියේය. 2010 අප්‍රේල් මාසයේදී ඇය යළිත් සිර ගත කරන ලද නමුක් අසනීප තත්වයක් නිසා නිදහස් කරන ලදී.

2011 ජූලි මාසයේදී, මොහොමඩිට නැවත නඩු පවරන ලද අතර, “ජාතික ආරක්ෂාවට එරෙහිව ක්‍රියා කිරීම,  පාලන තන්ත්‍රයට එරෙහිව ප්‍රචාරය කිරීම” යන චෝදනාවලට වරදකාර්යක කරන ලදී.  සැප්තැම්බර් මාසයේදී ඇයට වසර 11ක සිර දඬුවමක් නියම විය.

2022 දෙසැම්බරයේදී, මාෂා අමිනී අත්අඩංගුවේ සිටියදී මිය යාමෙන් ඇති වූ විරෝධතා අතරතුර, නර්ගේස් මොහොමඩි, බීබීසී විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක, රඳවාගෙන සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හා ශාරීරික අපයෝජනයන් විස්තරාත්මකව දැක්වීය. 2023 ජනවාරි මාසයේදී ඇය සිරකරුවන් 58 දෙනෙකුගේ ලැයිස්තුවක් සහ ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න කිරීම් ක්‍රියාවලිය සහ වධහිංසා ඇතුළු එවින් බන්ධනාගාරයේ සිටින කාන්තාවන්ගේ තත්වය විස්තර කරන කම්පන සහගත වාර්තාවක් බන්ධනාගාරයෙන් ලබා දුන්නාය. මෙම කාන්තාවන්ගෙන් 57 දෙනෙකු දින 8350 ක් හුදකලා සිරකඳවුරේ ගත කර තිබූ අතර ඉන් 56 දෙනෙකුට මාස 3300 ක සිරදඬුවම් නියම වී තිබුණි.

1999 දී ඇය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ක්‍රියාකළ මාධ්‍යවේදියෙකු වූ තග්හි රහ්මානි (Taghi Rahmani) සමඟ විවාහ වූ අතර අතර වැඩි කල් නොගොස් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. රහ්මානි වසර 14ක සිර දඬුවම් විඳීමෙන් පසු 2012 දී ප්‍රංශයට සංක්‍රමණය වූ නමුත් මොහම්මදි ඇගේ මානව හිමිකම් කටයුතු දිගටම කරගෙන යෑමට ඉරානයේ නතර වූවාය. ඔවුන් දෙදෙනාට අලි සහ කියානා යන නිවුන් දරුවන් සිටී.

මාධ්‍ය වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජූරි සභාවේ සභාපතිනිය සයිනබ් සල්බි ත්‍යාග ප්‍රධාන උත්සවයේදී මෙසේ පැවසීය.

“සිය වාර්තාකරණය ස්ත්‍රී මූලික විප්ලවයකට මඟ විවිර කළ ඉරාන  මාධ්‍යවේදිනියන්ගේ නිර්භීත සේවයට ගෞරව කිරීමට අපි කැප වෙමු. සත්‍යය වාර්තා කිරීමට සහ ප්‍රකාශ කිරීමට ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් ඔවුන් විශාල මිලක් ගෙවීය. ඒ සඳහා, අපි ඔවුන්ට ගෞරව කිරීමට කැපවී සිටින අතර ඔවුන් සුරක්ෂිතව සහ නිදහස්ව සිටින තුරු ඔවුන්ගේ හඬ ලොව පුරා දෝංකාර දෙන බව සහතික කරමු.”

ගෝලීය වශයෙන්, මාධ්‍යවේදිනියන් සහ මාධ්‍ය සේවිකාවන් වැඩිවන මුද්‍රිත සහ මාර්ගගත ප්‍රහාරවලට මුහුන දෙන අතර අසමානුපාතික සහ නිශ්චිත තර්ජනවලට ලක් වේ. ඔවුන් නිරාවරණය වන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට අපකීර්තිය, ලිංගික වෛරය ප්‍රකාශ කිරීම, මාර්ග ගත ලුහුබැදීම, ශාරීරික පහරදීම්, ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් පවා ඇතුළත් වේ. යුනෙස්කෝව මාධ්‍යවේදිනියන්ගේ  ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර, එක්සත් ජාතීන්ගේ යෝජනා ගණනාවකින් පිළිගත් පරිදි, මාධ්‍යවේදිනියන්ට එරෙහි ප්‍රහාර මැඩලීමට සම්බන්ධ සියලුම පාර්ශ්ව සමඟ යහපත් භාවිතයන් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට සහ නිර්දේශ බෙදා ගැනීමට හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව යුනෙස්කෝව ප්‍රකාශ කරයි.

(srilankabrife)