වැටුප් ගැන හෙද හෙදියන් හා සාකච්ඡාවකට අගමැති සූදානම්

වැටුප් ගැන හෙද හෙදියන් හා සාකච්ඡාවකට අගමැති සූදානම්
බ්‍රිතාන්‍යයේ හෙද සේවයේ නියුක්තිකයින් විසින් දියත් කළ වර්ජනයට අදාළව  හෙද වැටුප් ඉහළ නැංවීම සඳහා සාකච්ඡා කිරීමට තමා සූදානම් බව අග්‍රාමාත්‍ය රිෂී සුනක් පවසා තිබේ.
 
එරට හෙද නිළධාරීන් විසින් ආරම්භ කළ වැඩ වර්ජනයෙන් පසුව ඔහු මේ බව පවසා ඇත.
 
තමාගේ වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය හෙද සේවය වැඩ වර්ජනයක් දියත් කර තිබුණු අතර . ඔවුන් පවසන්නේ ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩි විය යුතු බවයි. 
 
හෙද වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
 
හෙද සේවයට සියයට 4.75 ක වැටුප් වැඩිවීමක් මේ වසරේ ලබා දීමට තීරණය කර තිබුණත්, එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔවුන් පවසයි. 
 

සියයට 17 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව හෙද වෘත්තීය සමිති විසින් දිගින් දිගටම අවධාරණය කරයි..