ලොව තුන්වෙනි ධනවතා කම්කරු ජනයාගේ ලේ ඉල්ලන හැටි

ලොව තුන්වෙනි ධනවතා කම්කරු ජනයාගේ ලේ ඉල්ලන හැටි
ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්ථාපනය කර ඇති සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එරට ප්‍රමුඛ සමාගමක් වන අදානි සමාගම තීරණය කර ඇතැයි එරට පුවත් සේවා අනාවරණය කරයි.
 
මෙම සිදුවීම නිසා  එම ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අහිමිවී ඇති බවත්,  ලොව තෙවැනි ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි හිමිකාරීත්වය දරන අදානි සමාගම විසින් එම සිමෙන්ති කර්මාන්ත ශාලා පසුගිය සැප්තැම්බර් මාසයේදී මිලදී ගෙන තිබුණු බවත් වාර්තා වේ.
 
නමුත් ඉන් ටික කලකට පසු සිමෙන්ති ප්‍රවාහන සංගම් සහ අදානි සමාගම අතර ගාස්තුව සම්බන්ධයෙන් මතභේදයක් ඇති වී ඇති බවත්, මේ හේතුව නිසා ප්‍රවාහන වියදම් අධික වීම හේතුවෙන් කර්මාන්ත ශාලා වලින් පාඩු සිදුවන බවත්, අදානි සමාගම් සමූහයට අයත් මෙම සමාගම විසින් පවසා තිබේ.
 
කෙසේ වෙතත්, එහි සේවය කරන 2,000 - 3,000ක් පමණ සේවකයින් පිරිසකට සහ වක්‍රාකාරව සිය ජීවන වියදම සරි කර ගන්නා 10,000-15,000ක පමණ විශාල පිරිසකට කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි කිව හැකිය.
 
මෙම සිමෙන්ති කර්මාන්ත ශාලා ගොඩනැගීම සඳහා එම ප්‍රදේශයේ ගම්මානවල පිහිටි ඉඩම් පවරාගෙන තිබුණි.
 
එබැවින් සිමෙන්ති ප්‍රවාහනයේ ප්‍රමුඛත්වය තමන්ට හිමිවිය යුතු බව ගම්වාසීන් පවසා ඇති අතර  ඔවුන් පිටස්තර නගරවලින් සිමෙන්ති ප්‍රවාහනය සඳහා ට්‍රක් රථ යෙදවීමට ඉඩ නොදෙන බවද වාර්තා වේ.
 
මේ වනවිට සිමෙන්ති ටොන් එකක් කිලෝ මීටරයක් ප්‍රවාහනයට ඉන්දීය රුපියල් 11ක් අයකරන  නමුත් අදානි සමාගම පවසන්නේ එය රුපියල් 6ක් දක්වා අඩුවිය යුතු බවයි.