බංගලාදේශයේ විරෝධතා උත්සන්න වෙයි - අගමැතිනී රට අතහැර පලා යයි

බංගලාදේශයේ විරෝධතා උත්සන්න වෙයි - අගමැතිනී රට අතහැර පලා යයි

බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා විරෝධතා උත්සන්නවිමත් සමග තම දූරයෙන් ඉල්ලා අස්වී බංගලාදේශයෙන් පලාගොස් ඉන්දියාව ගොඩබැස ඇති බව විදේශ් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට බංගලාදේශයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අත්පත් කරගෙන ඇති අතර, අගමැති නිල නිවසද විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට නතුව පවතී.

මෙම විරෝධතාවන්හිදී සියගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, රැකියා කෝටා ප්‍රශ්ණයක් මුලකරගනිමින් විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතාවයේ දිගුව සමනය කරගැනීමට අග්‍රාමාත්‍යවරිය අපහොසත් විය.

දැනට බංගලාදේශ ගුවන්තොටුපල තාවකාළිකව වසා ඇති බව බංගලාදේශ හමුදාව පවසා ඇති බව විදේශ් මාධ්‍ය වාර්තා කරන අතර, විපක්ෂ නායිකා කලීඩා සීයා මේ නිදහස් කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් තහවුරු කරමින් සිටී.