බංගලාදේශයේ මිනී සියගණනක් උඩින්ගිය ලේ හැළුණු රැකියා කෝටාව

බංගලාදේශයේ මිනී සියගණනක් උඩින්ගිය ලේ හැළුණු රැකියා කෝටාව

“නීතිය හා සාමය පාලනය කිරීම සඳහා රට පුරා හමුදාව යොදවා ඇත” යනුවෙන් බංගලාදේශ හමුදා ප්‍රකාශකයා සෙනසුරාදා දින නිවේදනය කර සිටියේ උද්ඝෂණ හා සිවිල් කැරලි හේතුවෙන් රට වේගයෙන් ආරජිකත්වයට ගමන් කරන නිසාවෙනි. 2009 සිට බලයේ සිටින අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මුහුණ දෙන ප්‍රබලම ජනතා විරෝධය මෙයයි. රැකියා කෝටාවට එරෙහි ආරම්භ වූ ශිෂ්‍ය පෙළපාලි රටම ගිනිගන්නා තැනකට පත්ව ඇති නිසා ඒවා මැඬපැවැත්වීම සඳහා හමුදා සෙබළුන් සෙනසුරාදා බංග්ලාදේශ නගරවල මුර සංචාරය කළහ.

පොලිසිය සහ රෝහල් විසින් වාර්තා කරන ලද වින්දිතයන් සංඛ්‍යාවට අනුව මෙම සතියේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා අවම වශයෙන් පුද්ගලයන් 115 දෙනකු මියගොස් තිබේ. එරට පුරා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර, ගැටුම් ව්‍යාප්තිය මැඬපැවැත්වීමට පොලිසිය අපොහොසත් වීමෙන් පසු හමුදා භටයන් රාජකාරි සඳහා යෙදවීමට අගමැති කාර්යාලය හමුදාව වෙත නියෝග නිකුත්කර තිබිණි. ඩකා අගනුවර වීදි දිවා කාලයේදී පාහේ පාළුවට ගොස් ඇති අතර, හමුදා භටයන් සන්නද්ධ රථවල නැගී හා පා මුර සංචාරවල යෙදෙමින් මිලියන 20 ක විශාල ජනකායක් සිටින ඩකා අගනුවර මුර සංචාරයේ යෙදී සිටිනු දක්නට ලැබිණි.

ඩකා රාම්පුරය ප්‍රදේශයේ ජනයා දහස් ගණනක් සෙනසුරාදා නැවත වීදිවලට පැමිණි අතර, පොලිසිය ජන සමූහයා වෙත සජීවී වෙඩි ප්‍රහාර එල්ල කළ අතර එයින් එක් පුද්ගලයකුට තුවාල සිදුව තිබිණි. 52 හැවිරිදි විරෝධතාකරු නස්රුල් ඉස්ලාම් එම ස්ථානයේ දී පැවසුවේ “රටේ අරාජිකත්වයක් පැතිරෙනවා පොලිසිය කුරුල්ලන්ට මෙන් මිනිසුන්ට වෙඩි තියනවා” ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා සිට උද්ඝෝෂණවලට සම්බන්ධ වී වෙඩි වැදී මියයන සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව රෝහල් වාර්තා කර ඇත. මේ ගැටුම් නිසා අවම වශයෙන් පොලිස් නිලධාරීන් 150ක් රෝහල්ගත කර තිබෙනවා තවත් 150 දෙනකුට ප්‍රථමාධාර ලබා දුන්නා” යැයි පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබිණි. එසේම ගැටුම්වලට මැදිවූ නිලධාරීන් දෙදෙනකු මියගොස් තිබේ.

කළු සාරියකින් සැරසුණු අගමැතිනිය ප්‍රකාශ කර තිබුණේ සියලු අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන බවයි. ඇය රජයට එරෙහිව සටන් කරන්නන් රසාකාර් ලෙස හඳුන්වා දී තිබූ අතර එය එරට ද්‍රෝහීන්ට කියන නමකි. පාකිස්තානයට සහය දෙන්නන් රසාකාර් ලෙස හඳුන්වයි. ඇත්තෙන්ම මේ විරෝධතාකරුවන් බොහෝ පොලිස් කුටිවලට ගිනි තබා ඇති අතර බොහෝ රජයේ කාර්යාලවලට ගිනි තබා විනාශ කර තිබේ. ආණ්ඩුව දැඩි මර්දනයක් දියත් කරනවා සේම විරෝධතාකරුවන්ද මහජන දේපළ හා රජයේ ගොඩනැඟිලි ගිනිතබා වනසා තිබේ.

අගමැති ෂෙයික් හසීනා ජාතිය ඇමතූ දිනට පසුදින පසුගිය බ්‍රහස්පතින්දා එරට රජයේ රූපවාහිනිය බී.ටීවී ගිනිතබා වනසන ලදී. දැන් එරට පුවත් විකාශනය වන්නේ නැත.

නෝර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ බංග්ලාදේශ විශේෂඥයකු වන මුබෂාර් හසන් පවසන්නේ විරෝධතා හසීනාගේ පාලනය පිළිබඳ අතෘප්තියේ පුළුල් ප්‍රකාශනයක් දක්වා වර්ධනය වී ඇති බවයි.” සිසුන් රාජ්‍යයේ මර්දනකාරී ස්වභාවයට විරෝධය පළ කරනවා” ඔහු ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණි. විරෝධතාකරුවන් හසීනාගේ නායකත්වය ප්‍රශ්න කරන අතර ඇය බලහත්කාරයෙන් බලයේ එල්ලී සිටින බවට චෝදනා කරනවා. ඇත්ත වශයෙන්ම සිසුන් ඇයව හඳුන්වන්නේ ඒකාධිපතියකු ලෙසයි. එහෙත් හසීනා පසුගිය වසර 15 පුරා රට ආරථික වශයෙන් ස්ථාවර කාළය. පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසර 20ක කාලය තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ 15 අවුරුදු පාලනය යටතේ, නව මාර්ග, පාලම්, කර්මාන්ත ශාලා සහ ඩකා අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවාවකින් ද පරිවර්තනයකට ලක් විය. බංගලාදේශය නිමි ඇඳුම් අපනයනයෙහි බලාගාරයක් බවට පත්ව තිබේ. ගෝලීය වෙළෙඳපොළ වෙත බංග්ලාදේශය ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක පමණ නිමි ඇඳුම් අපනයනය කරයි. මෙම ක්ෂේත්‍රය තුළ පුද්ගලයන් මිලියන 4කට අධික පිරිසකට රැකියා උත්පාදනය වී ඇති අතර, ඉන් බහුතරය කාන්තාවන් ය. එහෙත් එරට උගත් එහෙත්, තරුණ පරම්පරාව සඳහා කර්මාන්ත ශාලාවල රැකියා ප්‍රමාණවත් නැත. රජයේ රැකියා ලබා දීමේ කොටා ක්‍රමයේ ප්‍රශ්නය උත්ගතවී තිබෙන්නේ මේ නිසාය. කාලයක් මෙම කෝටා ක්‍රමය අවලංගු කර පැවති අතර එය නැවත ක්‍රියාත්මක කිරීමට මාහධිකරණය විසින් අවසර ලබා දීම මේ ශිෂ්‍ය උද්ඝෝෂණ ආරම්භ වීමට හේතුවක් විය. මේ ගැන එරට ශ්‍රේඨාධිකරණය ලබන අගෝස්තු 07 වැනිදා තීන්දුවක් ලබා දීමට නියමිත නමුත් එතෙක් බලා සිටීමට ආණ්ඩු විරෝධීන් සූදානම් නැත.

ඇස්තමේන්තුවලින් පෙනී යන්නේ, බංගලාදේශයේ තරුණයන් මිලියන 18ක් පමණ රැකියා අපේක්ෂාවෙන් පසු වන බවය. අඩු අධ්‍යාපනයක් සහිත රැකියා හසන් පවසන්නේ විරෝධතා හසීනාගේ පාලනය පිළිබඳ අතෘප්තියේ පුළුල් ප්‍රකාශනයක් දක්වා වර්ධනය වී ඇති බවයි.” සිසුන් රාජ්‍යයේ මර්දනකාරී ස්වභාවයට විරෝධය පළ කරනවා” ඔහු ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණි. විරෝධතාකරුවන් හසීනාගේ නායකත්වය ප්‍රශ්න කරන අතර ඇය බලහත්කාරයෙන් බලයේ එල්ලී සිටින බවට චෝදනා කරනවා. ඇත්ත වශයෙන්ම සිසුන් ඇයව හඳුන්වන්නේ ඒකාධිපතියකු ලෙසයි. එහෙත් හසීනා පසුගිය වසර 15 පුරා රට ආරථික වශයෙන් ස්ථාවර කාළය.

පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසර 20ක කාලය තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ 15 අවුරුදු පාලනය යටතේ, නව මාර්ග, පාලම්, කර්මාන්ත ශාලා සහ ඩකා අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවාවකින් ද පරිවර්තනයකට ලක් විය. බංගලාදේශය නිමි ඇඳුම් අපනයනයෙහි බලාගාරයක් බවට පත්ව තිබේ. ගෝලීය වෙළෙඳපොළ වෙත බංග්ලාදේශය ඇමෙරිකානු ඩොලර් අපේක්ෂකයන්ට සාපේක්ෂව උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය ඉහළ අගයක් ගනී. අගමැතිනියට ඇති ප්‍රබල චෝදනාවක් වන්නේ අගමැතිනිය තම පක්ෂයේ එනම් අවාමි ලීගයට හිතවාදී පුද්ගලයන්ට පමණක් උපකාර කරන බව ය.

මේ කෝටාව යටතේ රජයේ රැකියාවලින් 30% බංගලාදේශය නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ යුද විරුවන්ගේ පවුල්වලට හිමිවේ. 1% ආබාධිතයන්ට, 10 කාන්තාවන්ට, 5% සුළුජන කොටස්වලට, 10% විශේෂිත දිස්ත්‍රික්කවලට හිමිවේ. සෙසු 44% රටේ පොදු ජනයාට හිමිවේ.

මෙය බරපතළ අසාධාරණයක් බව සිසුහු පවසති. විවේචකයන් පවසන්නේ 2009 සිට රට පාලනය කළ 76 හැවිරිදි අගමැතිනිය පසුගිය ජනවාරි මාසයේදී අඛණ්ඩව සිව්වන වරටත් ජයග්‍රහණය කළ පසු රජයට පක්ෂපාතී කණ්ඩායම්වල දරුවන්ට මෙම කෝටා ක්‍රමය හරහා ප්‍රතිලාභ ලබාදීමට සැරසෙන බවයි. නමුත් දැන් සිසුන් මෙන්ම විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ අගමැතිනි ඉල්ලා අස්වියයුතු බවයි. කෝටාව ගැටුම් පැවතිණි. ප්‍රචණ්ඩත්වය අතිශයින් ඉහළ ගියේ බ්‍රහස්පතින්දා දිනයේදී ය. “මේක තවදුරටත් සිසුන්ගේ විරෝධතාවක් නෙවෙයි, සෑම තරාතිරමකම මිනිසුන් විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වී ඇති බව පේනවා,” ඩකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය සමීනා ලුත්ෆා බීබීසීයට පවසා තිබිණි. අගමැතිනියට එරෙහි මහජන කැරැල්ල දෙස බලා සිටින බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පවසන්නේ සාමකාමී උද්ඝෝෂණ සඳහා ඉඩදිය යුතු බවය. ඉන්දියාව මේ විථි සටන් ගැන කිසිවක් නොකියයි. මන්ද අගමැති ෂෙයික් හසීනා ඉන්දීයාවට හිතවත් නිසාය. එහෙත් බටහිර ලෝකය තරහකර ගතහොත් ඇයට තමන්ගේ රටේ නිෂ්පාදනය කරන ඇඟලුම් අපනයනට බාධා පැමිණිය හැකිය. මේ නිසා බංග්ලාදේශයේ ජාතියේ පියාගේ දියණිය අර්බුදයක පැටලී තිබේ.

(චතුර පමුණුව - දිවයින)