ඇමෙරිකානු වරාය සේවක වර්ජනයෙන් ආහාර සැපයුම් දාමය අනතුරේ

ඇමෙරිකානු වරාය සේවක වර්ජනයෙන් ආහාර සැපයුම් දාමය අනතුරේ

එක්සත් ජනපද වෙළඳ වරාය රැසක සේවක වැඩවර්ජන හටගෙන තිබේ.

එරට නැගෙනහිර සහ ගල්ෆ් තීරය ආසන්නයේ පිහිටි වරාය ඩොක් සේවකයින් විසින් වැඩ වර්ජනය ක්‍රියාත්මක ය. එම හේතුවෙන් මාංශ ඇතුළු, අධිශීත ගත ආහාර කන්ටේනර රැසක බෙදා හැරීම් ඇණහිට පවතී.

ගෝතමාලාවේ සිට එරටට ආනයනිත කෙසෙල් ඇතුළු පළතුරු සහ ඉතාලියේ නිෂ්පාදිත වයින් ඇතුළු භාණ්ඩ රැසක් රැගත් බහළු මෙහෙයුම් මුළුමනින්ම නැවතී තිබේ. මෙයින් (Maine) සහ ටෙක්සාස් ඇතුළු වරාය රැසක බහළු නැව්ගත කිරීම් සහ ගොඩ බෑම අක්‍රීයව පවතී.

ආනයනිත මුහුදු ආහාර නිෂ්පාදන සහ අපනයනය පිණිස සැකසූ කුකුළු මස් අඩංගු ශීත කන්ටේනර රැසක් ද පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වීමේ අවදානමකට බඳුන්ව තිබේ. වැඩවර්ජනය හේතුවෙන් එරට අභ්‍යන්තර ආහාර සැපයුම් දාම ක්‍රියාවලියද මේ වන විට, අර්බුදයට ලක් වෙමින් පවතී. ඒ හේතුවෙන් ඉදිරියේදී, කෙටිකාලීනව, ආහාර නිෂ්පාදන මිල ඉහළයාම සහ වෙළඳපොළ ඌනතා හට ගනු අතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට, එකී වරයයන්හි 50 කට අධික බහළු නෞකා සංඛ්‍යාවක් මෙහෙයුම් සිදු කිරීමට නොහැකිව දෙදිනක් පුරා නැංගුරම් ලා සිටිති.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

US port strike disrupts hamburger supplies, frozen seafood

(the Leader)