2025 වන විට ඉන්දියාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 1 දක්වා ඉහළ යනු ඇත - ඉන්දීය අගමැති මෝදි

2025 වන විට ඉන්දියාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 1 දක්වා ඉහළ යනු ඇත - ඉන්දීය අගමැති මෝදි

බ්‍රික්ස් ව්‍යාපාරික සමුළුව අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසූයේ ඉන්දියානු ඩිජිටල් ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1 දක්වා අගයකට වර්ෂ 2025 වන විට ළඟා වනු ඇති බවයි.

වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා සංසදයේ ආරම්භක සැසිය අමතමින් අගමැති මෝදි පැවසූයේ ඉන්දියාවේ අද සිදුවෙමින් පවතින ආකාරයේ ඩිජිටල් පරිවර්තනයක් ලෝක වේදිකාවේ කිසි දිනෙක අත්විද නොමැති බවයි.

ඩිජිටල් අංශයේ වර්ධනය ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ සහභාගීත්වය දිරිමත් කර ඇති බව පෙන්වා දුන් ඔහු ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන මිලියන 4.4 ක වෘත්තිකයන්ගෙන් 36% ක් පමණ කාන්තාවන් සිටින බව පැවසීය.

භූ-අවකාශීය දත්ත, ඩ්‍රෝන යානා,අභ්‍යවකාශය සහ හරිත බලශක්තිය ඇතුළු සෑම අංශයකම නවෝත්පාදනයන්ට ඉන්දීය රජය සිය අනුග්‍රහය සහ සහාය දෙන බව ඉන්දීය අගමැති මෝදි පැවසීය.මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු දැක්වූයේ "නව ඉන්දියාව" තුළ "පරිවර්තනීය වෙනස්කම්" සිදුවෙමින් පවතින බවයි.

නවෝත්පාදන සහ ආරම්භක ව්‍යාපාර ඉන්දීය ආර්ථික ප්‍රකෘතියේ සාධකය බවත් නවීන තාක්ෂණය භාවිතය තුළින් එම ව්‍යාපාර අංශයන් වර්ධනය වන බවත් ඔහු පැවසීය

ඉන්දියාවේ අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින ආරම්භක ව්‍යපාර 70,000කට අධික සංඛ්‍යාවක ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ යටිතල පහසුකම් අන් කවරදාකටත් වඩා සංවර්ධනය වෙමින් පවතින බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිරීක්ෂණය කළේය. ජාතික යටිතල පහසුකම් සංවර්ධනය තුලින් ඩොලර් ට්‍රිලියන 1.5 ක ආයෝජන අවස්ථා ඇති බව පැවසීය.

බ්‍රික්ස් රටවල් විසින් බහුපාර්ශ්වික ප්‍රතිසංස්කරණ වඩාත් ඇතුළත් කර ප්‍රවේශ විය හැකි බවට පත් කිරීම සඳහා නිරන්තරයෙන් ඉල්ලා ඇත.එය සියලු නැගී එන රටවලට බලපාන ගැටළු සාකච්ඡා කිරීම සහ විවාද කිරීම සඳහා සංසදයක් බවට පරිණාමය වී ඇත.

නැගී එන ආර්ථිකයන් සමූහයට ගෝලීය වර්ධනයේ එන්ජිමක් ලෙස බ්‍රික්ස් රටවල කාර්යභාරය නැවතත් ඉතා වැදගත් ලෙස පවතිනු ඇති බව ඔහු පැවසීය.

(india news networks)