ඇෆ්ගනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක් - 250 ක් මරුට

ඇෆ්ගනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක් - 250 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ කොස්ට් ප්‍රදේශයට කිලෝ මීටර් 44 ක් පමණ දුරින් මැග්නිටියුඩ් ඒකක 6.1 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව  තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කළේ එරට වැසියන් 250 දෙනකු භූමි කම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් තිබෙන අතර නිවාස සිය ගණනක් ද මුළුමනින්ම විනාශ වී විශාල දේපල හානි සිදුව තිබෙන බවයි.
 
එමෙන්ම, වැඩි පිරිසක් මරණයට පත්ව ඇත්තේ හානියට පත් නිවාස හා ගොඩනැගිලිවල සුන්බුන් වලට යවීමෙන් වන අතර බරපතළ තුවාල ලැබූ 150කට අධික ප්‍රමාණයක් රෝහල්ගත කර තිබෙන බවත් සඳහන්.

භූ කම්පනය සිදුව තිබුණේ අද අලුයමවන අතර එම අවස්ථාවේදී බොහෝ පිරිසක් සිය නිවෙස් තුළ නිදා සිටි බැවින් බොහෝ පිරිසක් එලෙස සුන්බුන්වලට යටවී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.