30 වසරකට පසු බ්‍රිතාන්‍ය දුම්රියත් වර්ජනයේ

30 වසරකට පසු බ්‍රිතාන්‍ය දුම්රියත් වර්ජනයේ
වසර 30 කට පසු බ්‍රිතාන්‍යයේ දැවැන්තම දුම්රිය වර්ජනය මේවන විට ක්‍රියාත්මකව ඇති අතර පළමු දිනයේම දස දහස් ගණනක් දුම්රිය කම්කරුවන් ඊට එක්ව තිබේ.දෙවන දිනය වන විට දුම්රිය  මගීන් තවදුරටත් අවුල් සහගත තත්වයකට මුහුණ දී සිටියේ වෘත්තීය සමිති සහ ආණ්ඩුව යන දෙපිරිසම වැටුප් සම්බන්ධයෙන් එක දිගට තම ස්ථාවරයන්ගේම රැඳී සිටින බවට තහවුරු කිරීමත් සමඟය.දුම්රිය සේවකයින්, ඉහළ යන ජීවන වියදම හමුවේ වැටුප් වැඩිවීමක් ඉල්ලා තිබේ.
 
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල වැඩවර්ජන කිරීමට නියමිතව සිටින 40,000 කට අධික දුම්රිය කාර්ය මණ්ඩලයෙන් බොහෝ පිරිසක් අලුයම සිට පිකට් ලයින්වලට රැස් වූ අතර, එමඟින් දුම්රිය ප්‍රවාහන පද්ධතිය  පුරා විශාල බාධාවක් ඇතිවී තිබේ. දුම්රිය ස්ථාන පාළුවට ගොස් තිබූ අතර වැඩවර්ජනය  හේතුවෙන් ලන්ඩන් උමං මෙට්‍රෝව ද, බොහෝ දුරට වැසී තිබුණි.
 
දශක කිහිපයකින් දරුණුතම ආර්ථික හානියට මුහුණ දෙන බ්‍රිතාන්‍යයන්ට උපකාර කිරීම සඳහා වැඩි යමක් කිරීම කළ යුතු වුවද,   අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ COVID වලින් යථා තත්ත්වයට පත්වන ව්‍යාපාරවලට මෙම වර්ජනය හානිදායක බවයි.එසේ වුවද, වර්ජනයට එක්ව සිටින ජනයාගේ පීඩනය පිළිගත හැකි බවද, හෙතෙම පෙන්වාදී තිබේ.
 
බ්‍රිතාන්‍යයේ උද්ධමනය 10% කින් ඉහළ යන විට ගුරුවරුන්, වෛද්‍යවරුන්, අපද්‍රව්‍ය බැහැර කිරීමේ කම්කරුවන් සහ නීතිඥයින් පවා වෘත්තීය  ක්‍රියාමාර්ගවලට තල්ලු කරන "අතෘප්තියේ ගිම්හානයක" ආරම්භය දුම්රිය වැඩවර්ජන විසින්  සනිටුහන් කළ හැකි බව වෘත්තීය සමිති විසින් අවධාරණය කර තිබේ.
 
“බ්‍රිතාන්‍ය සේවකයාට වැටුප් වැඩිවීමක් අවශ්‍යයි,” දුම්රිය, සමුද්‍රීය සහ ප්‍රවාහන සේවක මහලේකම් මික් ලින්ච් ස්කයි නිව්ස් වෙත පැවසීය. "ඔවුන්ට රැකියා සුරක්ෂිතභාවය සහ යහපත් කොන්දේසි අවශ්‍යයි." හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.
 
තත්ත්වය මෙසේ තිිබියිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් තම කැබිනට් මණ්ඩලයට කියා සිටියේ මෙම වැඩ වර්ජන "වැරදි සහ අනවශ්‍ය"ඒ්වා බවයි. එසේම තමන්  රටට දෙන  පණිවිඩය වන්නේ,  දුම්රිය ධාවනය කරන ආකාරය වැඩිදියුණු කිරීම මහජනතාවගේ යහපතට හේතු වන බැවින්, දුම්රිය සේවකයින්ට තවදුරටත් ඔවුන්ගේ සටන්පාඨවලම එල්බ සිටීමට සිදුවනු ඇති බවයි. 
 
මෑත කාලයේදී යූගෝව් ආයතනයේ සමීක්ෂකයෙකු විසින් කරන ලද සමීක්ෂණයකට අනුව මෙම කාරණයට අදාළව මහජන මතය බෙදී ඇති බව සොයා ගන්නා ලදී. ප්‍රශ්න කරන ලද අයගෙන් අඩක් පමණ මෙම ක්‍රියාවට විරුද්ධ වන අතර තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් එයට සහාය දෙන බව පවසා තිබේ.
 
රැකියාවට ගිය 36 හැවිරිදි නීතීඥයෙකු වන ලියෝ රුඩොල්ෆ් ගෙන් ප්‍රශ්න කරන ලදුව ඔහු පවසා ඇත්තේ ආරවුල පවතින තරමට තමා වඩාත් කලකිරීමට පත්වන බවයි.
 
"මෙය හුදකලා සිදුවීමක් නොවේ, හරිද?" ඔහු රොයිටර් වෙත පිළිතුරු දෙමින් පවසා තිබේ.
 
 
මූලාශ්‍ර හා ඡායාරූප-රොයිටර්ස්