ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114වන වාර්ෂික සමුළුවේදී, පලස්තීනයට සහභාගීත්ව අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර නියෝගවල කොටස් කිහිපයක් අත්හිටුවීමට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද සම්මත වී තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ 2025දී පැවති 113වන සමුළුවේදී සම්මත වූ පලස්තීනයේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන තත්ත්වය සහ සහභාගීත්ව අයිතිවාසිකම් පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ අරමුණිනි.
එම යෝජනාව අනුව පලස්තීනයට “සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක්” ලෙස සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබේ.
ඒ අනුව, පූර්ණ විවාද සැසිය ඇතුළු ප්‍රධාන කමිටු කිහිපයකට සහභාගී වීමට අවසර හිමිවුවද, ඡන්දය දීම, අක්තපත්‍ර සහ කෙටුම්පත් කමිටුවලට සහභාගී වීම වැනි අයිතිවාසිකම් හිමි නොවනු ඇති.
මෙම විශේෂ තත්ත්වය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර නියෝගවල වගන්ති කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට යෝජනා කෙරිණි.
එහිදී සභාපතිවරයා ලෙස තේරී පත්වීම, කමිටු නිලධාරීන් ලෙස කටයුතු කිරීම, අදහස් ප්‍රකාශ කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු වගන්ති කිහිපයක් සීමිත ලෙස අත්හිටුවීමට යෝජනා විය.
ඊශ්‍රායලය මෙම යෝජනාවට විරුද්ධත්වය පළ කළ අතර, පකිස්ථානය, බංග්ලාදේශය සහ නයිජීරියාව ඇතුළු රටවල් ඊට සහාය පළ කළහ.
එකඟතාවක් නොමැතිවීම හේතුවෙන් මෙවර කම්කරු සමුළුවේ සභාපතිවරයා ඡන්ද විමසීමක් පැවැත්වීය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114වන වාර්ෂික සමුළුවේදී, පලස්තීනයට සහභාගීත්ව අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර නියෝගවල කොටස් කිහිපයක් අත්හිටුවීමට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද සම්මත වී තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ 2025දී පැවති 113වන සමුළුවේදී සම්මත වූ පලස්තීනයේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන තත්ත්වය සහ සහභාගීත්ව අයිතිවාසිකම් පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ අරමුණිනි.
එම යෝජනාව අනුව පලස්තීනයට “සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක්” ලෙස සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබේ.
ඒ අනුව, පූර්ණ විවාද සැසිය ඇතුළු ප්‍රධාන කමිටු කිහිපයකට සහභාගී වීමට අවසර හිමිවුවද, ඡන්දය දීම, අක්තපත්‍ර සහ කෙටුම්පත් කමිටුවලට සහභාගී වීම වැනි අයිතිවාසිකම් ලබා හිමි නොවනු ඇති.
මෙම විශේෂ තත්ත්වය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර නියෝගවල වගන්ති කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට යෝජනා කෙරිණි.
එහිදී සභාපතිවරයා ලෙස තේරී පත්වීම, කමිටු නිලධාරීන් ලෙස කටයුතු කිරීම, අදහස් ප්‍රකාශ කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු වගන්ති කිහිපයක් සීමිත ලෙස අත්හිටුවීමට යෝජනා විය.
ඊශ්‍රායලය මෙම යෝජනාවට විරුද්ධත්වය පළ කළ අතර, පකිස්ථානය, බංග්ලාදේශය සහ නයිජීරියාව ඇතුළු රටවල් ඊට සහාය පළ කළහ.
එකඟතාවක් නොමැතිවීම හේතුවෙන් සභාපතිවරයා ඡන්ද විමසීමක් පැවැත්වීය.
ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය යටතේ ඊයේ පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණේ අද දිනයේදීය.
ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 386ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 17 ක් පමණි .
ඡන්දය භාවිත නොකළ සංඛ්‍යාව 42කි.
ශ්‍රී ලංකාව මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී තිබේ.
මෙම තීරණයත් සමඟ, 114වන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී පලස්තීනයේ සහභාගීත්වය සම්බන්ධ නව ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 386ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 17 ක් පමණි .
ඡන්දය භාවිත නොකළ සංඛ්‍යාව 42කි.
ශ්‍රී ලංකාව මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී තිබේ.
මෙම තීරණයත් සමඟ, 114වන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී පලස්තීනයේ සහභාගීත්වය සම්බන්ධ නව ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ජාත්‍යන්තර කම්කරු සමුළුවේ තෙවැනි දිනය වන අද පූර්ණ සැසි විවාදයේ දෙවැනි දිනයයි.
මේ අතර නූතන තාක්ෂණය සහ වැඩ ලෝකය සම්බන්ධයෙන් මෙවර ජාත්‍යන්තර කම්කරු සමුළුව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
ජිනීවා නුවර පැවැත්වෙන වාර්ෂික කම්කරු සමුළුව අතරතුර මෙරට මාධ්‍ය වෙත අදහස් යොමු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වන වාර්ෂික මහා සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මේ වනවිට පැවැත්වෙන අතර ඊට සහභාගි වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියහ.
සමුළුව ලබන 12 දක්වා පැවැත්වෙන අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187 ක රජයයන්හි නායකයින් , විෂය භාර මැති ඇමතිවරුන්, සේවායෝජකයන් සහ කම්කරු නායකයින් ඇතුළු 5000ක අධික පිරිසක් ඊට සහභාගි වෙති.
“සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින්, යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ.
මෙම සමුළුව ගෝලීය කම්කරු ප්‍රතිපත්ති සහ කම්කරු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා වූ ඉහළම ජාත්‍යන්තර වේදිකාව ලෙස සැලකේ.
“කම්කරු පාර්ලිමේන්තුව” ලෙස ද හඳුන්වනු ලබන මෙම සමුළුවේදී ඩිජිටල් සහ වේදිකා ආර්ථිකය (Platform Economy) තුළ යහපත් රැකියා ප්‍රවර්ධනය, සේවා ස්ථානවල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, සමාජ සංවාදය ශක්තිමත් කිරීම සහ රජයයන්, සේවායෝජකයන් හා කම්කරුවන් අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කෙරේ.
මෙම සමුළුවට සහභාගි වීම තුළින් ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, වැඩ ලෝකයේ මතුවන නව ප්‍රවණතා සහ අභියෝග සම්බන්ධ ගෝලීය සංවාද සඳහා දායක වීමටත් ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමග කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස , කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද සහ වෘත්තීය සමිති නායකයින් , සේවායෝජකයින් කිහිප දෙනෙකුද මෙන්ම ජිනීවාහි ශ්‍රී ලංකාවේ තානාපති සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතාද එක්ව සිටිති.