ගෙවුණු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් අමෙරිකාවෙන්

ගෙවුණු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් අමෙරිකාවෙන්

ගෙවුණු පැය 24 තුළත් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇති රට ලෙස නැවතත් අමෙරිකාව පෙරමුණ ගෙන ඇති අතර ඊයේ එරටින් හඳුනාගත් කොවාඩ් රෝගීන් සංඛ්‍යාව 672,000 ඉක්මවා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ඇමෙරිකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවද 2000 ඉක්මවා තිබෙනවා.

ඇමෙරිකාවෙන් පසු ප්‍රංශයෙන් වැඩි ආසාදිත ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර ඊයේ එරටින් හඳුනාගත් නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 368,000 ඉක්මවා ඇති බව සඳහන්.

එමෙන්ම ඉතාලියෙන්ද ගෙවුණු පැය 24 තුළ දෙලක්‍ෂය ඉක්මවමින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති අතර අසල්වැසි ඉන්දියාවේ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාවද ඊයේ දෙලක්‍ෂයට ආසන්න වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ආජන්ටිනාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය යන රටවලින්ද ඊයේ නව කොවිඩ් රෝගීන් ලක්‍ෂය ඉක්මවමින් වාර්තා වී තිබීම ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය මැනවින් පෙන්නුම් කරන්නක් බව සෞඛ්‍ය අංශ පවසනවා.