රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි

රාජ්‍ය සේවකයන්ගේ වැටුප දළ වශයෙන් සියයට විසිපහකින් පමණ කපා හැරීමේ ක්‍රියාවලියක චීන රජය නිරතව සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා‍ කරයි.

විදෙස් පුවත් සේවා වාර්තා‍ වලට අනුව චීන රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වංසගතය හමුවේ පළාත් පාලන ව්‍යහුයන්ගේ ආදායම පහළ යාම සමඟ ඇතිව තිබෙන  අර්බුදකාරී වාතාවරණයි.

සිවිල් සේවකයන්, ගුරුවරුන් වැනි පිරිස් මෙම ගැටලුවට මුහුණ දී ඇති අතර හෙනාන්, ෂිනැක්ෂි, ගුවන්ඩොන්ග්, හුබෙයි ඇතුළු ප්‍රාන්ත ගණනාවක වැසියන්ගේ වැටුප් මෙලෙස කපා හැර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඇතැම් ප්‍රාන්තවල සිවිල් සේවකයන්ට සහ ගුරුවරුන්‍‍ට මේ වසරේ ජනවාරි මාසයේ දී ලබාදුන් ප්‍රසාද දීම‍නා යළි දින දහයක් තුළ ආපසු රජයට  ගෙවන ලෙසට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.