රටවල් 26ක් බ්‍රිතාන්‍යය ගුවන් යානා අත්හිටුවයි

රටවල් 26ක් බ්‍රිතාන්‍යය ගුවන් යානා අත්හිටුවයි
 
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 
 මෙම නව වෛරස් ප්‍රභේදය දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසය මෙන් 70 ගුණයක් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බව බ්‍රිතාන්‍යය විද්‍යාඥයින් පෙන්වා දෙන අතර
 මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වන විට වාර්තා වී තිබෙන බවත් සඳහන්.
 
මෙම නව කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ මට්ටමක පැවතීම නිසා ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, සෞදි අරාබිය, ඉන්දියාව, බෙල්ජියම, පෝලන්තය, ඔස්ට්‍රියා, ෆින්ලන්තය, බල්ගේරියාව ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරිමට පියවර ගෙන තිබේ.
 
ඇමරිකාව විසින් බ්‍රිතාන්‍යයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යනය කරමින් පවතින බවත් නිවේදනය කර තිබේ.
 

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී යුරෝපා සංගමය ද හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර ලඟ එන නත්තල් සහ අලුත් අවුරුදු උදාව සමග මෙම නව වෛරස් ප්‍රභේදයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නව සංචරණ නීති පැනවීම ගැන හා ඊට අදාළ ක්‍රියා මාර්ග ගැන මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ