බ්‍රසීලයේ ධාරානිපාත වර්ෂාවෙන් 35ක් මරුට

බ්‍රසීලයේ ධාරානිපාත වර්ෂාවෙන් 35ක් මරුට

ඊසාන දිග බ්‍රසීලයේ ෆර්නම්බුකෝ ප්‍රාන්තයට ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාව ‍හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

අධික වර්ෂාපතන තත්වය සමඟ ප්‍රාන්තය තුළ ගංවතුර හා නායයාමේ තර්ජන දක්නට තිබෙනවා. තත්වය දරුණු අතට පත්වීමත් සමඟ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විසින් ගලවා ගැනීමේ කණ්ඩායම් යෙදවීමට පියවර ගනු ලැබුවා. 700කට අධික පිරිසක්, අදාළ ස්ථානවලින් ඉවත් කෙරුණා.