සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 75ක් අතුරුදන්

සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 75ක් අතුරුදන්

ටියුනීසියානු වෙරළආසන්නයේ දී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයින් 75දෙනෙකු අතුරුදන්ව තිබේ.

උතුරු ලිබියාවේ සිට මෙම බෝට්ටුව ගමන් ආරම්භ කර ඇති බව සදහන් වේ.

බෝට්ටුවේ සිටි පුද්ගලයින් 24 දෙනෙකු බේරාගෙන ඇතැයි වෙරළාරක්‍ෂ අංශ සදහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බේරාගත් අයවළුන් වයස අවුරුදු 18 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් සහ බංග්ලාදේශය, ඊජිප්තුව, මොරොක්කෝව සහ කැමරන් යන රටවල පුද්ගලයින් ඇතුළු විවිධ ජාතීන්ට අයත් අය බව සදහන් වේ.

එසේම එක් මළ සිරුරක් සොයාගෙන තිබේ. ටියුනීසියානු නාවික හමුදාව අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුකරනු ඇත.