ගින්නකින් සංක්‍රමණිකයින් 39කට දිවි අහිමි වෙයි

ගින්නකින් සංක්‍රමණිකයින් 39කට දිවි අහිමි වෙයි
උතුරු මෙක්සිකෝවේ Ciudad Juárez නගරයේ පිහිටි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙක්සිකානු ෆෙඩරල් ඒජන්සියක් වන ජාතික සංක්‍රමණ ආයතනයට (INM) අනුව එම මධ්‍යස්ථානය තුළ වැඩිහිටි පුද්ගලයින් 68 දෙනෙකු පමණ සිට ඇති බවත් ඉන් 39 දෙනෙකු මරණයට පත්වී තවත් 29 දෙනෙකු තුවාළ ලබා රෝහල්ගත කර ඇති බවත් සඳහන්.
 

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ආරම්භකර තිබෙන අතර ගින්නට මෙතෙක් හේතුව තහවුරුකොට නොමැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Ciudad Juárez නගරයේ ෆෙඩරල් නියෝජ්‍ය ඇන්ඩ්‍රියා චාවේස් විසින් නිවේදනයක් නිකුත්කොට ප්‍රකාශ කර ඇත්තේ ගින්නෙන් මියගිය සංක්‍රමණිකයින්ගේ පවුල්වලට අපගේ ශෝකය ප්‍රකාශ කර අතර තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිස් ඉක්මනින් සුවපත් වීම අපේක්ෂා කරන බවයි.