යුක්‍රේන - රුසියා යුද්ධයෙන් 40,000කට දිවි අහිමි වෙයි

යුක්‍රේන - රුසියා යුද්ධයෙන් 40,000කට දිවි අහිමි වෙයි
රුසියා - යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා යුක්රේන සොල්දාදුවන් සහ විදේශ කුලී භටයින් 23,367 දෙනෙකුට මේ දක්වා ජීවිත අහිමි වී ඇති බවත් පවතින යුද ගැටුම් හේතුවෙන් රුසියාවට සිය සොල්දාදුවන් 20,000 ක් පමණ අහිමි වූ බවත් විදෙස් පුවත් සේවා පසුගියදා වාර්තා කළේය.
 

ඒ සම්බන්ධයෙන් රුසියාව සහ යුක්‍රේන් රජය විසින් නිකුත්කළ සංඛ්‍යා දත්ත පදනම් කරගනිමින් මෙම තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියා - යුක්රේන යුධ ගැටම් ඉකුත් පෙබරවාරියේ සිට ආරම්භවී දින ගණනාවක් ගත වුවත් තවමත් යුධ ආක්‍රමණ අවසන් වී නොමැති අතර තවදුරටත් රුසියාව යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාර සහ ශෙල් ප්‍රහාර එල්ල කරමින් සිටියි.මෙම ගැටුම් නිසා විශාල ජීවිත හානියක් මෙන්ම දේපල හානියක්ද සිදුව තිබේ.