යේමනයේ ගංවතුරින් 77ක් මරුට

යේමනයේ ගංවතුරින් 77ක් මරුට

යේමනයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්, ‍පුද්ගලයින් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

වර්ෂාවත් සමග ඇති වූ නාය යාම් හා ගංවතුර හේතුවෙන්, පවුල් 35,000 කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවයි, වාර්තා වන්නේ. එරට පළාත් 16 කට අධික වර්ෂාව බලපා තිබෙනවා. වර්ෂාව සහිත කාලගුණය ලබන 20 දක්වා පැවැත්වෙනු ඇති බවටයි, එරට කාලගුණ විද්‍යා අංශ අවධාරණය කරන්නේ. පසුගිය වසර 8 ක් පැවති සිවිල් යුද්ධය නිසා රටේ යටිතල පහසුකම් විනාශ වීමෙන්, ආපදා තත්වය ඉහළ ගොස් ඇති බවයි, එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.