විදේශිකයින්ට ජපානය ලබන 8 සිට විවෘතයි

විදේශිකයින්ට ජපානය ලබන 8 සිට විවෘතයි

විදෙස් ව්‍යාපාරිකයන් හා සංචාරකයන් සඳහා ජපානය ලබන 8 වැනිදා සිට විවෘතව පවතින බව, එරට රජය නිවේදනය කර තිබේ.

ඒ අනූව, එන්නත් ලබාගත් වලංගු වීසා බලපත්‍ර සහිත ව්‍යාපාරිකයින් මෙන්ම අධ්‍යාපන සහ තාක්ෂණික පුහුණුව සඳහා ජපානයට පැමිණෙන විදේශිකයින්ට ද පළමු අදියරේ රට විවෘත කරන බව සඳහන් වෙයි.

26,000 ඉක්මවූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වූ ජපානයේ මේ වන විට දෛනික ආසාදිතයන් 250කට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහත වැටී තිබේ. මේ වන විට සමස්ත ආසාදිතයන් දාහත් ලක්ෂ විසි තුන් දහස ඉක්මවා ගොස් ඇති ජපානයේ ආර්ථික අනාගතය සළකා බලා රජය, රජ ව්‍යාපාරිකයන් සඳහා පළමු අදියරේ දී විවෘත කරනු ලබයි.

මේ වන විට කොරෝනා ආසාදන වේගය පහත වැටී ඇති අතර දෛනිකව එරටින් වාර්තා වන දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ද 10කට වඩා අඩු සංඛ්‍යාවක් දක්වා පහත අගයක් ගෙන තිබේ.

සෞඛ්‍ය අංශ වාර්තා අනූව 2020 අවුරුද්දේ අප්‍රේල් මස සිට රට තුළ මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 18,000 ඉක්මවා ඇති බවයි.