කුවේටයේ අයට අලුතින් කොරෝනා එන්නත් මධ්‍යස්ථාන 03ක්

කුවේටයේ අයට අලුතින් කොරෝනා එන්නත් මධ්‍යස්ථාන 03ක්
කුවේට් රජය විසින් එරට වෙසෙන අයට කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා අලුතින් මධ්‍යස්ථාන 03ක් විවෘත කිරීමට කටයුතු කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ නව මධ්‍යස්ථාන හරහා පහසුවෙන් එන්නත්කරණය සිදුකර ගැනීමට වැසියන්ට හැකියාව සැලසෙන බවයි.
 
ෆර්වානියා නගරයේ මුටාබ් අල්-ෂලා සෞඛ්‍ය මධ්‍යස්ථානය,හවාලි නගරයේ අල් සිද්දික් සෞඛ්‍ය මධ්‍යස්ථානය සහ අල් -සදිරාවි නගරයේ හමාඩ් අල් -හුමයිඩ් මධ්‍යස්ථාන මෙලෙස ඇතිකර නව සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙයි.