එක්සත් රාජධානියට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම ඉවතට

එක්සත් රාජධානියට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම ඉවතට

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කළ බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

එරට කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්තවීමත් සමගම එසේ තාවකාලික සංචාරක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා බලධාරීන් ක්‍රියාකළ අතර ඉකුත් දෙසැම්බර් මාසයේ මැද භාගයේ සිට එරට සිට ⁣මෙරටට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට රජය තීරණය කරන ලදී.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව එම ගුවන් තහනම 17 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි වහාම ඉවත් කෙරෙන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී ඇති සංචාරක මාර්ගෝපදේශ යටතේ එක්සත් රාජධානියේ සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ කෙරෙන බවත්  විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

කෙසේ නමුත් එක්සත් රාජධානියේ සිට පැමිණෙන ගුවන් මගීන් දින 14ක් නිරෝධායනය වියයුතු අතර සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණ අනුව PCR පරීක්ෂණ සඳහා ද මුහුණදිය යුතුබවත් නිවේදනයේ පැහැදිලිව සඳහන් කර