විදේශයේ සිට පැමිණ නිරෝධනයට ආ 19කට කොවිඩ් පොසිටිව්

විදේශයේ සිට පැමිණ නිරෝධනයට ආ 19කට කොවිඩ් පොසිටිව්
විදෙස් රටවල් කිහිපයකින් පැමිණ නිරෝධායනයට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 19දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
 
මැදපෙරදිග ඇතුලු විදෙස් රටවලින් පැමිණි ශ්‍රීලාංකිකයින් 475 දෙනෙකු යාපනය පලාලි වාසවිලාන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් පසුව එම පිරිසෙන්  කොටසකට පී.සී.ආර් (PCR) පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර එහිදී 19 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙන්නේ.
 

නිරෝධායනයට පැමිණි සෙසු පිරිස්ද පී.සී.ආර් පරික්ෂණයට යොමු කොට ඇති අතර එහි වාර්ථාද ඉදිරියේදී ලැබීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

කොරෝනා ආසාදිත පිරිස් කෝපායි රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු පිරිස් නිරෝධායනය කිරීමට නාවික හමුදාව ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.