ගුවන් සේවා දෙකක් මෙරට සමඟ යළි ගුවන් ගමන් අරඹයි

ගුවන් සේවා දෙකක් මෙරට සමඟ යළි ගුවන් ගමන් අරඹයි
ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන් සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබෙන බව වාර්තා වේ.
 
මෙලෙස ගුවන් ගමන් අරඹා ඇත්තේ සලාම් ගුවන් සේවය සහ තායි එයා ඒෂියා යන ගුවන් සේවා දෙකයි.
 
පළමු ගුවන්යානය ලෙස ඕමානයේ මස්කට් නුවර සිට සලාම් ගුවන් සේවයේ ගුවන් යානයක් මගීන් 75 දෙනෙකු පසුගිය 18 වෙනි දින උදෑසන 8.55ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
 
එම ගුවන් යානය නැවත උදෑසන 9.50 ට ගුවන් මගීන් 28 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් යළිත් ඕමානයේ මස්කට් නුවර බලා පිටත්ව ගොස් තිබේ.
 

පසුව තායිලන්තයේ බැංකොක් නුවර සිට සිට තායි එයා ඒෂියා ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ගුවන් භාණ්ඩ තොගයක් ද රැගෙන  එදින රාත්‍රී 10.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.