සිරකරුවන් 05 දෙනෙකු කුවෙයිට් අධිකරණයෙන් මරණ දඬුවම් - ඒ අය අතර ලාංකිකයෙක්

සිරකරුවන් 05 දෙනෙකු කුවෙයිට් අධිකරණයෙන් මරණ දඬුවම් - ඒ අය අතර ලාංකිකයෙක්
2015 වර්ෂයේ මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වරදකරුවන් යැයි සනාථ වූ සිරකරුවන් 05 දෙනෙකු කුවෙයිට් අධිකරණ තීන්දුවකට අනුව එල්ලා මරා දමා තිබේ.
 
මෙලෙස එල්ලා මරා දැමූ සිරකරුවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
2015 වර්ෂයේ දී එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 27 දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.
 
තවත් පුද්ගල‍යින් 220කට ආසන්න සංඛ්‍යාවක් ද, බරපතළ තුවාල ලැබු බව සඳහන්ය.
 
මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ෂියා මුස්ලිම් නිකාය යටතේ ඇති කුවේට් හි ඉමාම් අල් - සාදික් පල්ලියටය.
 
ඉස්ලාමීය අන්තවාදීන් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවට හෙළිව ඇත.
 
මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයා ඇතුළු සිරකරුවන් 05 දෙනා අද දිනයේ දී කුවේට් හි මධ්‍යම බන්ධනාගාරයේ දී එල්ලා මරා දමා තිබේ.
 
මරණකරුවන් අතර අබ්දුල්රහ්මන් සබා ඉඩන් නමැති මහමොළකරු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසින් ප්‍රසිද්ධ ව සිටි ශ්‍රී ලාංකිකයෙකු, ඊජිප්තු ජාතිකයෙක් සහ කුවේට් ජාතිකයෙක් ද සිටින බව වාර්තා වේ.
 

මෙම පල්ලිය කුවේටයේ ෂියාවරුන් සඳහා පැරණිතම පල්ලියක් වන අතර, යාඥා මෙහෙයක් අතරතුරදී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී තිබුණේ සුන්නිවරුන් සහ ෂියාවරුන්  දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටුමක ප්‍රතිඵලයක් වශයෙනි.