විදේශයන්හි සිටි ලාංකිකයින් 109 දෙනෙකු දිවයිනට

විදේශයන්හි සිටි ලාංකිකයින් 109 දෙනෙකු දිවයිනට

විදේශයන්හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 109 දෙනෙකු අද උදෑසන ගුවන් මගින් මෙරටට පැමිණ තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කටාර්හි සිටි පුද්ගලයින් 28 ක් , ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 44 ක් සහ ජපානයේ සිටි පුද්ගලයින් 37 දෙනෙකු එලෙස පැමිණි බවයි.

ජර්මනිය, මාලදිවයින, ඉතාලිය හා බංග්ලාදේශය සිටි පුද්ගලයින් පිරිසක් ද අද මෙරටට පැමිණෙන බව එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6790 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.