ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ‘ජපානය’ දොර වසයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ‘ජපානය’ දොර වසයි

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා. කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ ජපාන අගමැතිවරයා විසින් එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කර ඇති අතර ඒ සමග ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම ඊයේ (14) සිට තහනම් කර තිබෙනවා.

කෙසේ වුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන බවයි ජපාන රජය පවසන්නේ.

නව තීන්දුව අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ජපානයට ඇතුළු වීම තහනම් වෙනවා.

ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කිරීමට ජපන් රජය පියවර ගත්තා. ජපානයේ කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.