ඕමානයේ රැකියා සඳහා විදේශගතවූ ලාංකිකයින් පිරිසක් දිවයිනට ගෙන්වයි

ඕමානයේ රැකියා සඳහා විදේශගතවූ ලාංකිකයින් පිරිසක් දිවයිනට ගෙන්වයි
ඕමානයේ රැකියාවට ගොස් එරටදී හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැරයන්ට ලක්ව අසරණව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට ගෙන්වා  තිබේ. එලෙස පැමිණි පිරිස අතරට ලාංකිකයින් 288 දෙනෙකු ඇතුළත් බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
 
අද උදෑසන 8.30න් අවසන් පැය 24ක කාලය ඇතුළත මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් තිබුණු බවයි ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා සඳහන් කර ඇත්තේ.
 
විදේශගතව නොයෙකුත් කරදර හා විවිද ගැටළුවලට මුහුණපා සිටින දිවයිනට පැමිණීමට නොහැකිව සිටින ලාංකිකයින් රජයේ විශේෂ අවසරය මත  ඇරඹි විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වීමේ වැඩපිළිවෙල යටතේ මෙම ලාංකිකයින් පිරිසද දිවයිනට ගෙන්වා තිබිණි.
 
ඊයේ (14) රාත්‍රී 08.25ට පමණ ඕමානයේ මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.206 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත මෙම ලාංකිකයින් පිරිස පැමිණ තිබේ.
 
එලෙස පැමිණි සියලුම දෙනා ගුවන්තොටුපළ පරිශ්‍රවයේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කළ බවත් සඳහන්.