හොරෙන් රට පනින්න ගිය 12කට වැඩ වරදී

හොරෙන් රට පනින්න ගිය 12කට වැඩ වරදී

ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ජෝර්ජියාවට යාමට  උත්සහ කළ බව කියන ග්‍රාම නිලධාරී වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් නම  දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලීසියේ  කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිවරයා මන්නාරම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි .

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සහ සැකකාරියන් යාපනය වවුනියාව මුලතිව් සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 31, 36 33 ,34 ,සහ 22 යන වයස්වල පසුවන අය වෙති  .

අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙදරේරු සහ කම්කරු වෘත්තියේ  නිරතව සිටින අය යැයි රහස් පොලිස් ආරංචිමාර්ග කියයි.

 මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රහස් පොලිසියේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි