විදෙස් රැකියා නියුතු ලාංකිකයින්ට විදුලි වාහන ආනයනයට කැබිනට් අනුමැතිය

විදෙස් රැකියා නියුතු ලාංකිකයින්ට විදුලි වාහන ආනයනයට කැබිනට් අනුමැතිය

විගමනික ශ්‍රමිකයින් විසින් එතෙරදී උපයනු ලබන ආදායම් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට ප්‍රේෂණය කිරීම දිරි ගැන්වීමේ අරමුණින්, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්හට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් 2022 05 01 දින සිට 2022 12 31 දින දක්වා වන කාලසීමාව තුළ ඔවුන් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලැබ ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කර ගනු ලබයි.

එහෙත්, එම කාලසීමාව තුළ ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය අනුව ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවකාශ නොසැලසෙන බව පෙනී ගොස් ඇත. එබැවින්, එම යෝජනා ක්‍රමය යටතේ වාහන ආනයන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය සලකා බලනු ලබන කාලසීමාව 2023 09 15 දින දක්වා දීර්ඝ කිරීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.