කටුනායක ගුවන් තොටුපලේ බෝම්බයක්.. ආරක්ෂක අංශ කැළඹෙයි.!

කටුනායක ගුවන් තොටුපලේ බෝම්බයක්.. ආරක්ෂක අංශ කැළඹෙයි.!

කටුනායක ගුවන් තොටුපලේ පර්යන්ත (2) හි බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැරිය බව ගුවන් තොටුපල පොලීසිය පවසයි.

මෙම සිසුවා පසුගිය 25 වෙනි දින පස්වරුවේ ජංගම දුරකථනයෙන් තොටුපළ හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දෙමින් එහි බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇත.

ඇමතුම අනුව නිලධාරීන් එම පර්යන්තය පරික්ෂා කිරීමේදී විනාඩි කිහිපයකින් නැවතත් එම සිසුවා ඇමතුමක් ලබා දෙමින් තමන් සිදුකළේ විහිළුවක් බවට දැනුම් දී ඇත.

කළුබෝවිල සුනන්දාරාම පාර පාරේ පදිංචි මෙම සිසුවා පොලිසියට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර , සිසුවා මෙම ක්‍රියාවේ බරපතල බව නොදන්නාකමට සිදු කළ ක්‍රියාවක් බවට අනාවරණය වීම හේතුවෙන් ඔහුට තරයේ අවවාද කර මුදා හැරිය බවද පොලිසිය පවසයි.